Kitchen
බැටර් ෆ්‍රයිඩ් නිවිති
පුංචි දරුවන් ඉන්න මවුවරුන්ට ඔවුන්ගේ පෝෂණය ගැන නිතරම සිතන්නට වෙනවා.
විශේෂයෙන් පාසල් යන වයසේ දරුවන්ට පලාවර්ග ගුණදායක වුවත් ඔවුන් ඒවා ආහාරයට
ගන්නට දක්වන්නේ මැලිකමක්. අද රසඳුන කෑම විශේෂංගයෙන් පුංචි දරුවන්ට ආසා
හිතෙන ආකාරයට නිවිති කොළ බැද ගන්නා අන්දම ගෙන එනවා. ගෙවත්තෙතන් එවෙලේම
නෙළාගෙන ඇවිත් ඉතාමත් පහසුවෙන් ඉක්මනින් බැදගත හැකි නිවිති කොළ පොඩිත්තන්
රස කරකර කන්නට ආසා කරාවි.
මේ දේවල් අවශ්‍යයයි
මධ්‍යම ප්‍රමාණයේ නැවුම් නිවිති කොළ - 5-6 ක්
කෝන් පිටි මේස හැඳි - 1
මිරිස් කුඩු මේස හැඳි - 1
කහ කුඩුතේ හැඳි -1/4
කඩල පිටි කෝප්ප -1
බේකින් පවුඩර් තේ හැඳි -1
බැද ගැනීමට තෙල්
ලුණු
වතුර (අවශ්‍ය පමණ )
සාදාගන්නේ මෙහෙමයි-
මුලින්ම
භාජනයකට කඩල පිටි, කෝන් පිටි සහ බේකින් පවුඩර් දමා හොඳින් කලවම් කර ගන්න.
දැන් මෙයට පදම අනුව ලුණු සහ වතුර දමා අනමින් ඝනකම බැටරයක් සාදාගන්න. නිවිති
කොළ හොඳින් සෝදා ගන්න. පසුව තරමක තාච්චියකට තෙල් දමා රත්වෙන්නට තබා හොඳින්
රත්වූ පසු නිවිති කොළ බැටරයේ දවටා ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැදගන්න.
Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks